ලොව ලාබාලම පියා කවුද කියලා දන්නව ද?.
වයස අවුරුදු 9ක පුද්ගලයෙක් ලොව ලාබාලතම පියා ලෙසින් හඳුන්වනු ලබයි.
මෙම පුද්ගලයා 1910 දී චීනයේ අවුරුදු 8ක ගැහැණු ළමයෙකු සමගින් ඇති කරගත් සම්බන්ධතාවයකින් අනතුරුව පියෙකු බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඔවුන්ට දරුවන් හතර දෙනෙකු වේ.
මේ අතර ලොව දෙවන ලාබාලතම පියාගේ වයස අවුරුදු 11ක් වේ.
23 වන වියේ පසුවන ඔහු 2012 වසරේ දී නවසීලන්තයේ Aucklandහි තම පාසල් මිතුරාගේ 36 හැවිරිදි මව සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා.
ඒ අතරතුර දරුවෙකු ලැබීමෙන් පසු ලොව ලාබාලතම පියා බවට ඔහු පත් විය.
එවකට පාසල් සිසුවෙකු වූ පියා සහ බිළිඳා දෙදෙනාම රජයේ රැකවරණයට යටත්ව සිට ඇත.
අදාළ කාන්තාවට අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදුව බව සඳහන් වේ.
එමෙන්ම, කාන්තාව සහ ප්‍රාථමික පාසල් වයසේ පසුවන දරුවා යන දෙදෙනාම නවසීලන්තයේ Aucklandහි ජීවත් ව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, නවසීලන්ත නීතියට අනුව බලහත්කාරයෙන් ලිංගිකව එක්වන විට ස්ත්‍රී දූෂණ චෝදනා කළ හැක්කේ පුරුෂයෙකුට පමණක් බව සඳහන් වේ.
2012 අප්‍රේල් මාසයේ දී පිරිමි ළමයා සහ ඔහුගේ මිතුරා පාසල් නිවාඩුවක් ගත කළ අවස්ථාවේ දී මෙම සිදුවීම සිදු වී තිබෙනවා.
එහිදී මිතුරාගේ නිවසේ දී අදාළ කාන්තාව පිරිමි ළමයාට මත්පැන් ලබා දී ඔහු සමග ලිංගිකව සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දරුවෙකු පිළිසිඳ ගැනීමට මාස කිහිපයකට පෙර කාන්තාව නැවත නැවත ලිංගිකව එක්වීමට දරුවාට බල කර ඇති බවයි.
ඉන් පසුව පිරිමි ළමයා මෙම සිදුවීම් තම පාසලේ විදුහල්පතිවරයාට පවසා ඇත.
ඒ අනුව, ඔහු විසින් පොලිසියට සහ ළමා තරුණ හා පවුල් සේවාවලට දැනුම් දීමෙන් අනතුරුව බලධාරීන් ක්‍රියාත්මක වී ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළා ය.
Sponsored By Sarrita Jewellery