විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකුගේ නිරුවත් දර්ශන හොර රහසේ පටිගත කළ තරුණයාට සිදු වූ දේ.

Sri Lanka Police
By Wayomi Mar 04, 2024 03:57 AM GMT
Report

විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකුගේ නිරුවත් දර්ශන හොර රහසේ පටිගත කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 20 හැවිරිදි බේකරි පාඨමාලවක් හදාරණ තරුණයෙක්.

කිරුළපන ප්‍රදේශයේ නේවාසික සිටින විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙක් මෙම සිදුවීමට මුහුණ පා ඇත.

තරුණියක් ස්නානය සඳහා සුදානම් වීමේදී කිසියම් අයෙකු කවුළුවක් තුළ ජංගම දුරකථන තබන අයුරු දැක ඇති තිබෙනවා.

අනතුරුව ඔවුන් ඒ පිළිබඳව විමසුම් කරමින් සිටියදී ඔවුන් සිටින නේවාසිකාගාරයේ පහත මහලේ සිටින නිවස හිමි කාන්තාවගේ පුතු බවට සැකපළ වීමත් සමඟ ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබෙනවා.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර,මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.