නිවසේ දොරගුළු දාගෙන දින තුනක් මියගිය සැමියාගේ මළසිරුර සමඟ සිටි බිරිඳ. - (PHOTOS)

Sri Lanka Police Death
By Wayomi Feb 26, 2024 07:28 AM GMT
Report

දින තුනක් පමණ මියගිය සැමියාගේ මළසිරුර නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා ද සමඟ සිටි කාන්තාවක් දොරවල් කඩා ඉන් ඉවතට ගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිදුවීම වාර්තා වන්නේ, පානදුර ඇටඹගොඩවත්ත ප්‍රදේශයෙන්.

පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ අඹුසැමි යුවළක් පදිංචිව සිටි නිවසකින් අධික දුගඳක් හමන බවට පානදුර දකුණ පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් ඇති අතර ඒ වන විට මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ නිවසේ දොරගුලු දමාගෙන සිට ඇත.

අනතුරුව ඒවා කඩා නිවසට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී ඇදක් මත මුනින් අතට තිබූ මළසිරුර සොයාගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය සැක පල කරන්නේ, එම බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවයි.



GalleryGalleryGallery