හිතාමතා පුද්ගලයෙක්ව යටකර ඝාතනය කළ සැකකරුට අධිකරණයෙන් අද ලැබුණු තීන්දුව. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Magistrate Court Accident Murder
By Wayomi Feb 22, 2024 11:13 AM GMT
Report

දෙහිවලදී හිතාමතා පුද්ගලයෙකු මෝටර් රථයෙන් අනතුරට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කරනු ලැබුවා.

ඒ, ඔහු අද ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 9.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටියා.

දෙහිවල අනතුර ඇත්තටම රිය අනතුරක් ද ? මනුෂ්‍ය ඝාතනයක් ද ?

දෙහිවල අනතුර ඇත්තටම රිය අනතුරක් ද ? මනුෂ්‍ය ඝාතනයක් ද ?


GalleryGallery