බස් රථ 2කට මැදි වූ ත්‍රිරෝද රථ රියැදුරුට අත් වූ අවාසනාවන්ත ඉරණම. - (PHOTOS)

Sri Lanka Police Accident
By Wayomi Feb 29, 2024 09:00 AM GMT
Report

අද(29) උදෑසන 8:50ට පමණ දෙහිවල ගුවන් පාලම අසලදී ධාවනය වෙමින් පැවති බස් රථ දෙකකට මැදිව ගමන් කළ ත්‍රිරෝද රථයක් එම බස් රථ දෙකේ ඉදිරියේ හා පසුපස ගැටී ත්‍රිරෝද රථ රියැදුරා මිය තිබෙනවා.

ත්‍රිරෝද රථයට ඉදිරියෙන් ගමන් කළ බස් රථය ගල්කිස්ස සිට මට්ටක්කුලිය බලා ධාවනය කර ඇති බව ත් ත්‍රිරෝද රථය පිටුපසින් ගමන් කළ බස් රථය පානදුර සිට පිටකොටුව දක්වා ධාවනය වී ඇති බවයි පොලිසිය සඳහන් කියා සිටියේ.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක් වන එක්දරු පියෙක්.

ඔහු කුලී ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස රැකියාවේ නිරත වන අතර සිය බිරිඳ රැකියාව සඳහා රැගෙන විත් දෙහිවල මංසන්ධියෙන් බස්වා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුර තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සහ අවට පිරිස එක්ව ත්‍රිරෝද රථ රියැදුරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද පසුව ඔහු මිය ගොස් ඇත.

මොළයට සහ ගෙළ පිටුපසට සිදුවී ඇති දැඩි හානි හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.

ඔහු වසර 20ක පමණ කාලයක් බස් රථ රියැදුරෙකු ලෙස සේවය කර ඇති අතර පසුව කුලී ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස තම රැකියාව කිරීම ආරම්භ කර ඇති බවද වාර්තා වෙනවා.

ත්‍රිරෝද රථය පිටුපසින් පැමිණි බස් රථයේ රියැදුරු අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.  


GalleryGallery