පිරිමි දරුවෙකු කෙලෙසූ නරුමයන් තිදෙනා.

Sri Lanka Police Kurunegala Sri Lanka Hospitals in Sri Lanka Child Abuse
By Madheeha_Naz May 18, 2023 07:57 AM GMT
Report

යන්තම්පලාව ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු බරපතළ අයුරින් ලිංගික අපයෝජනයට ලක්ව තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ කාතාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම දරුවා කාතන්කුඩිය ප්‍රදේශයේ සිට රෝහල්ගතව සිටින සිය මස්සිනා බැලීමට කුරුණෑගල රෝහල වෙත පැමිණ ඇති අතර නැවත කාතන්කුඩිය බලා යෑමට උත්සහ කිරීමේදී නොදැනුවත්කම හේතුවෙන් බස් රථය වැරදී තිබෙනවා.

එම අවස්ථාවේදී නැවත කුරුණෑගල යන ආකාරය විමසීම සඳහා අසළ තිබූ ලීසිං සමාගමට මෙම දරුවා ගොස් ඇති අතර එහි සේවය කරමින් සිටි සේවකයන් තිදෙනෙකු විසින් මෙම දරුවාව බරපතල ලෙස ලිංගික අපයෝජනය ලක් කර තිබෙනවා.

අනතුරුව එම සිද්ධිය ප්‍රදේශයේ තරුණයන්ට සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ තරුණයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එහෙත් පොලිසිය අදාළ ස්ථානය වෙත පැමිණීමට ප්‍රමාද වූ හෙයින් අදාළ සැකකරුවන් තිදෙනා පලාගොස් ඇති බව එම තරුණයින් පොලිසියට චෝදනා කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW