කැනඩාවේදී සිදු වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ ඝාතන සැකකරු ගැන අධිකරණයේදී හෙළි වූ දේ. - (VIDEO)
කැනඩාවේ ඔටාවාහිදී කුඩා දරුවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 6 දෙනෙකු ඝාතනය කළ සැකකරු බ්‍රහස්පතින්දා සවස් වරුවේ පළමු වරට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී 19 හැවිරිදි සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.
ඔහුට එරෙහිව මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වී ඇත.
ඔහු ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට පොලිසිය සඳහන් කළේ.
බ්‍රහස්පතින්දා සවස Algonquin Collegeහි සභාපති ක්ලෝඩ් බෲලේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ෆෙබ්‍රියෝ ද සොයිසා සිය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු බව සනාථ කරමින් සඳහන් කර ඇත්තේ, ඔහු අවසන් වරට ඉගෙනුම් කටයුතු සඳහා සම්බන්ධ වී ඇත්තේ 2023 වසරේ ශීත ඍතුවේ බවයි.
පුද්ගලයින් පස් දෙනෙකු සමග සම්බන්ධතා නොපවත්වන ලෙසට අධිකරණය එහිදී ඔහුට නියෝග කර ඇති අතර ඉන් එක් අයෙකු වන්නේ ධනුෂ්ක වික්රමසිංහයි.
ධනුෂ්ක යනු, ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් සිව් දෙනාගේ පියා වේ. ඔහු ද සිද්ධියෙන් තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
සැකකරු මාර්තු 14 වන දා යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත අතර මෙම සැකකරු විසින් වික්‍රමසිංහ පවුල ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
සැකාකර ෆෙබ්‍රියෝ ද සොයිසා ද එම පවුල දැන හඳුනන අයෙකු බවත් ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු එම නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය සඳහන් පවසනවා.
35 හැවිරිදි වියේ පසුව වන දර්ශනී බණ්ඩාරනායක 7 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ 2මස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ ඝාතනයට ලක් වූ පිරිස අතර වෙනවා.
ඝාතනයට ලක් වූ අනෙක් පුද්ගලයා 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති පවුලේ හිතවතෙක් බවත්. මොවුන් මෑතකදී කැනඩාවේ පදිංචියට පැමිණ ඇති බවත් සඳහන්.
“තියුණු ආයුධයකින්” පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර මෙම සිදුවීම ඔටාවාහි මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඝාතනය බවත්, එය එරට අගනුවරට “සැලකිය යුතු” බලපෑමක් ඇති කරන “සැබෑ ඛේදවාචකයක්” ලෙස හඳුන්වන බවත් කැනේඩියානු පොලිසිය පවසනවා.
එමෙන්ම මෙම සමූහ ඝාතනය හෙළා දුටු කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මියගිය ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය කනස්සල්ල පළකර ඇත.