රජයේ විද්‍යාපීඨයක සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි..

Ministry of Education Sri Lanka
By krishani Dec 06, 2022 02:39 AM GMT
Report

රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ ගැටුමට සම්බන්ධ වු සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීමට පියවර ගත් බව විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය.

අදාළ සියලු සිසුන් එම විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන විනය පරීක්ෂණයට ද යොමු කිරීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ද තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ,රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ පසුගිය සතියේ සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇති බවත් ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීමට උපරිම පියවර ගන්නා බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join