කොටස් වෙළඳපොල මිල දර්ශකයට හදිසියේම සිදුවුන දේ..
Colombo
Sri Lanka Economic Crisis
By krishani
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (17) දින කැපී පෙනෙන ලෙස පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 232 යි දශම 8 යි 8 කින් පහළ ගොස් තිබුණේ සියයට 3.02 ක පහත වැටීමක් සනිටුහන් කරමින් ය.
දිනය අවසන්ව කොටස් මිල දර්ශකය සටහන් වුණේ 7472 යි දශම 3 යි 9 ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකයද අද ඒකක 97 යි දශම 6 යි 0 කින් පහත වැටුණු අතර එය දිනය අවසනදී දැක්වුණේ ඒකක 2,365 යි දශම 4 යි 9 ක් ලෙසයි.වෙළඳපොල මුළු පිරිවැටුම රුපියල් බිලියන 1 යි දශම 2 ක් වේ.