ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයත් නම් කෙරේ.

Cricket Sri Lanka Cricket Dhananjaya de Silva
By Wayomi Jan 03, 2024 11:36 AM GMT
Report

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කර තිබෙනවා.

එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පවසනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයත් නම් කෙරේ. | The Sri Lanka Test Captain Will Also Be Named

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (3) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.  

                                                             Sponsored By Sarrita Jewellery