20 හැවිරිදි පුතා තම මවට කළ අහස පොළොව නුහුලන අපරාධයක්.
තම මවට මරණ තර්ජන කර බරපතළ ලිංගික අපයෝජනය කළ තරුණයෙකු ඊයේ (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 20ක් වන කළුතර උතුර, ඇළමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ..
සැකකරු විසින් 59 හැවිරිදි වියේ පසුවූ මවට මාර්තු 4 වන දා රාත්‍රියේ බරපතළ ලිංගික අපයෝජනය ඇත.
මෙම කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු මත රෝහල විසින් පොලිසියට කරන ලද දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා නිවසේ සිට ඇති අතර ඔහු මානසික අබාධයකින් පෙළෙන බැවින් ඊට අදාළ ඖෂධ පානය කර නින්දට ගොස් තිබෙනවා.
එමෙන්ම ඇයට තව දියණියක ද සිටින අතර ඇය යාබද නිවසකට පාඩම් කිරීමට ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු කලකට පෙර මත්කුඩු පානයට ඇබ්බැහිව සිට ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් මතකයේ නොමැති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.