කවුරුත් පුදුම කරපු රට ළුෑණු වෙඩිම.. මේ දිනවල මිල අධිකම වෙඩිමක්.(PHOTOS)

Wedding Gossip Today World
By Aruna Dec 19, 2023 07:45 AM GMT
Report

ගොඩක් දෙනෙක් කාලයක් තිස්සෙ හරි ආසාවෙන් බලාගෙන ඉන්න හීනයක් තමයි වෙඩින්ග් එකක් ගන්නවා කියන්නෙ.

එහෙම බලාගෙන ඉන්න මැමෝම වගේ කැමතියි එදා දවස තමන්ටම ආවේණික විදියට හැඩ තලයන් ගෙන් නිර්මාණය කර ගන්න.

ඒ නිසාම තමන්ගේ වෙඩින්ග් එක "සුවිශේෂී තීම් එකකට" කරගන්න හැමෝම වෙහෙසෙන්නෙ දිවා රෑ නොබලා.

පිලිපීනයෙන් ඇහෙන මේ කතාවත් ඒ වගේ වෙනස් සිදුවීමක්.

මේක ටිකක් වෙනස් ම විදියෙ වෙඩිමක්. මේ දිනවල අපේ රටටත් ගැලපෙනව.

සාමාන්‍යයෙන් මනාලිය තම මල් කළඹ විදියට තෝරාගන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ''මල්නෙ'' .

හැබැයි මේ මනාලිය නම් තෝරගෙන තිබුණෙ මල් වෙනුවට ''රතු ළුෑණූ'' වලින් නිර්මාණය කරපු ලස්සන බුකියක්.

දැන් ඔයා ට මේ කතාව ඇහුවම පුදුම හිතෙනව ඇති.

මොකද මේ දවස්වල ළුෑණූවල ගණන් ඇහුවාම එහෙම වෙන එකත් සාධාරණයි කියලත් හිතෙනව නේ ද?.

මේ විදියට සාම්ප්‍රදායික මල් කළඹ පසෙකලා රතු ළුෑණූ පොකුරු අතට අරන් තිබුණේ Lyka නම් සුන්දර තරුණියයි.

හැබැයි මේ වෙඩිම නම් තිබුණෙ අද ඊයේ ක නෙවෙයි, මේ වසර මුලදි.

ඒ කියන්නෙ ජනවාරියේ...

ලංකාවෙ රතුලූණු වල අධික මිල ඉහල යාම නිසයි මේ සිදුවීම දාන්න ඕන කියල හිතුවෙ. මොකද කාලයට ගැලපෙන නිසා.

ලංකාවේ එහෙම තිබුණා නම් අපිට බය නැතුව කියන්න පුළුවන් ''යුගයේ මිල අධිකම වෙඩිම'' මේක කියලා.

Lykaගෙ අතගත් මනාලයා වුණේ අර්වින්. සෞන්දර්‍යට වඩා ප්‍රායෝගිකත්වය තෝරාගැනීමට මනාලියට තමයි අදහසක් ඇවිත් තියෙන්නෙ කියල විදෙස් මාධ්‍ය වාර්තා කියනව.

ඇය කියන්නෙ මුලින්ම මල් භාවිතා කිරීමට සැලසුම් කළ නමුත් සමාජ මාධ්‍යයේ සැරිසරන විටෙක, මල් කළඹ සඳහා ආදේශකයක් හැටියට රතු ළුෑණූ තෝරගන්න හිතුණු බවයි.

“මම අහම්බෙන් දැක්කා ළුෑණූවලින් හදපු මල් කළඹක්. මම වහාම අපගේ සම්බන්ධීකාරක සම්බන්ධ කරගත්තා.

ඔහු කිව්වා අපගේ විවාහයටත් මේ සංකල්පය භාවිතා කළ හැකි බව...

'' වෙඩිමක් කියන්නෙ තනි මතයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.

ඉතින් ඇය මනාලයාගෙනුත් අහලා තියෙනවා මේ වැඩේට කැමතියිද කියලා.

ඔහු ද ඊට එක පයින්ම කැමති වෙලා තියෙනව. පස්සෙ දෙන්නගෙ වෙඩින් ප්ලෑනර් ඔන්ලයින්, ළුෑණූ ගෝනියක්ම ඇණවුම් කරලා.

Lyka කියන්නෙ මල් පොකුරක් ගත්තා නම් ඒක ඒ වෙලාවෙන් පස්සෙ විසිකරලා දාන්න වෙන නමුත්, මේ ළුෑණූ පොකුර විවාහයෙන් පස්සෙත් භාවිතා කරන්න පුළුවන් කියලා.

කතාව ඇත්තනෙ නේද... ''මම මගේ මල් කළඹත් අපේ ඥාතීන්ට ඔවුන්ගේ එදිනෙදා භාවිතය සඳහා ලබා දුන්නා...''

කොහොම නමුත් ඒ දෙන්නට නම් මේ ළුෑණූ පොකුරු හදාගන්න ලොකු මිලක් ගිහින් නෑ කියලයි ආරංචිය.

හැබැයි ඒ ස්වභාවික මල්වලට සාපේක්ෂව බවත් මතක තබාගන්න..

සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යාම කොහොම වුණත්, අනතුරුවලින් වැළකීම පිණිස මල් කළඹ විසිකිරීම නම් කරලා නෑ.

ලංකාවෙ වගේ එහෙම කළා නම් ළුෑණු ගෙඩි අහුලන්න වෙනම ටීමි එකක් දාන්න වෙනව.

කොහොම නමුත් මේව දැකල ඉදිරියෙදි ලංකාවෙ උදවිය නොකර ඉන්න එකකුත් නැහැ🤣🤣

ඉතින් මේ අමුතුම වෙඩින් එකේ ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් පහතින් නරඹන්න,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery