9 වන පාර්ලිමේන්තුවේ සභාවාරය වාර අවසන් වන දිනය ගැන ඉඟියක්. - කෝප් කමිටුවත් අහෝසියි.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Cope Committee Sri Lanka
By Wayomi Jan 16, 2024 07:18 AM GMT
Report

මෙම මස 24 වනදායින් ‍09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කරනවා බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබරවාරි මස 07 වනදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

ඒ, අනුව පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වීමට නියමිතව ඇත.

9 වන පාර්ලිමේන්තුවේ සභාවාරය වාර අවසන් වන දිනය ගැන ඉඟියක්. - කෝප් කමිටුවත් අහෝසියි. | The Session Of The Parliament Will End

මෙම මස 25 වන බ්‍රහස්පතින්දා දිනයේ පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් එම සතියේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති අතර 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බව ද ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතයි.

කෙසේ වෙතත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්. 

                                                                            Sponsored By Sarrita Jewellery

9 වන පාර්ලිමේන්තුවේ සභාවාරය වාර අවසන් වන දිනය ගැන ඉඟියක්. - කෝප් කමිටුවත් අහෝසියි. | The Session Of The Parliament Will End