ආන්දෝලනාත්මක සෝල් බීච් හෝටලයේ අවනඩුව ගැන අධ්‍යක්ෂක් කළ අනාවරණය. - (VIDEO)
තම හෝටලය කඩා ඉවත් කිරීම පසුපස යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වන බව දෙහිවල සෝල් බීච් හෝටලයේ අධ්යක්ෂවරයා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ සෝල් බීච් හෝටලය ඉවත්කරන්නේ නම් දෙහිවල මුහුදු වෙරළට මුහුණලා ඇති අනෙක් හෝටල් 52කට ආසන්න ප්‍රමාණයද කඩා ඉවත් කළ යුතු බවයි.
FCIDය හමුවේ තමන් මුදල් ඉපැයූ ආකාරයත්, තමන්ට ඇති ව්‍යාපාර පිළිබඳවත් නිසි පරිදි අනාවරණයක් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා තමන් විසින් සියලුම රජයේ ආයතන හරහා ලබාගතයුතු නිත්‍යානුකූල ලියකියවිලි ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම පොලිසිය විසින් කඩා දැමු දෙහිවල සෝල් බිජ් හෝටලයේ නැවත ඉදිකිරිම් සිදු කරමින් සිටි සේවකයින් 14 දෙනෙක් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුනා.
ඒ කිසිදු පාර්ශවයකින් පැමිණිල්ලක් හො පොලිසියට ලැබි නොමැති පසුබිමකයි.