දරුවන් සිටියදීම පාසලේ ඇති වූ බිහිසුණු ගින්න..

Sri Lanka Police Investigation Fire Sri Lankan Schools School Incident
By Sewvandhi Mar 03, 2024 02:47 PM GMT
Report

පෞද්ගලික ආරාබි කාන්තා පාසලක ගින්නක් හටගෙන තිබේ.ඒ වැලිගම ප්‍රදේශයේ පිහිටි පාසලකයි.

ගින්න සිදුවන අවස්ථාවේ එම පාසලේ දරුවන් 150කට ආසන්න පිරිසක් සිට ඇතිමුත් ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානියක් සිදුව නොමැත.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න නිවාදැමීමට කටයුතු කර තිබෙනවා.

ගින්නෙන් දේපළවලද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය විමර්ශන සිදුකරයි.