අගමැති ගිය ගුවන් යානය ගොඩබාන්න ගොස් සිදුවූ බිහිසුණු ඇත්දැකීම මෙන්න..
රොනී ද මැල්ගේ අවසන් කටයුතු සඳහා පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
මාතර තානායමේ කලමණාකරු පැවසුවේ, විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බවයි.
කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බත්, මේ හේතුවෙන් ඔවුන් දැඩි බියට පත්වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත සුරක්ෂිතව කැදවා ගෙන ගිය බවද අප වාර්තාකරුවන් පවසයි.
මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ තිබුණා.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු සිදුවූ හානිය කොතෙක් ද යන්න තවමත් වාර්තා නොවේ.