ජනපති විසින් හදිසි පත්වීම් 12ක් සිදු කරයි.. ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්..

Provincial Council Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Dec 22, 2023 04:38 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වෙලාවකට පෙර නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ, අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර පත් කළ බවයි.

ඔවුන්ගේ මෙම පත්වීම් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද පත්කර තිබේ.

සමන් දර්ශන පාඬිකෝරාල මහතා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට  පත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා මහත්මිය ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ මහතා ද පත්කර ඇති අතර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ මහතා ද පත් කර තිබේ.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඉංජි. රංජිත් රූබසිංහ මහතා ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග මහතා ද පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත