ඉල්ලා අස්වු මන්ත්‍රී චමින්ද වෙනුවට පාර්ලිමේන්තුවට එන අලුත්ම මුහුණ
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Samagi Jana Balawegaya
                
                                                
                    Sri Lankan political crisis
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇත.
ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන ඇත.
එනම්, අද(09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම්දුන්නේය.
සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවයි, ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
Sponsored By Sarrita Jewellery
                
                