අපචාර සඳහා වාහන දුන් උකස්කරු අත්තඩංගුවට...

Sri Lanka Police Sri Lanka Police Investigation Child Abuse
By Gagana Feb 22, 2024 08:58 AM GMT
Report

කුලී පදනම මත වාහන ලබා ගනිමින් ඒවාට ව්‍යාජ ලේඛන සකසා වෙනත් පුද්ගලයන්ට උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම වාහන විවිධ අපචාර සඳහා ද ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වාහන පහක් සොයාගත් බවට සඳහන්.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.