රට පුරා සිදු කරන මෙහෙයුම හදිසියේ නතර කරයි..1500 කට අද සිදු වූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Army Sri Lanka Police
By Aruna Dec 24, 2023 04:09 AM GMT
Report

අද (24) අලුයම අවසන් කෙරුණු යුක්තිය පැය 24ක මෙහෙයුම් තුළින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන තිබෙන බවයි, මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අද දිනයේ සිට දින 03ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය බැවින් මෙලෙස මෙම මෙහෙයුම තාවකාලිකව නතර කරන බවයි.