කුලියාපිටිය තරුණයාගේ ඝාතනයේ 10වන සැකකරු ගැන අධිකරණයේදී එළියට ආ තොරතුරු.

Sri Lanka Police Sri Lanka Magistrate Court Crime Murder
By Wayomi May 27, 2024 12:40 PM GMT
Report

කුලියාපිටිය තරුණයාව ඝාතනයට අදාළව වරින්වර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින සැකකරුවන් 10දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (27) නියෝග කරනු ලැබුවා.

ඒ, කුලියාපිටිය කැලෑබද ප්‍රදේශයකදී තරුණයෙකු ඝාතනය සම්බන්ධව කුලියාපිටිය පොලීසිය ගොනුකර තිබූ නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදීයි.

එම ඝාතනයේ එක් සැකකරුවෙක් වන සිඟිතිගේ මස්සිනා ඇතුළු කිහිප දෙනෙකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10වන සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ චන්දන යාපා කියා සිටියේ පොලීසිය කරුණු කියා ඇති ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවයි.

ඒ, අනුව ඔහුට මිනීමැරුම් චෝදනාව එල්ලකර ඇති බවත් එය සංශෝධනය කරන ලෙසත් නීතීඥ චන්දන යාපා ඉල්ලීමක් කළා.

රාහුල් ගාන්ධි සමඟ වේදිකාවක් බිමට පතබෑවෙයි. - (VIDEO)

රාහුල් ගාන්ධි සමඟ වේදිකාවක් බිමට පතබෑවෙයි. - (VIDEO)


කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ,සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන්, කොහේදී, කෙසේ එම තරුණයාව ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බවත් ඔහුගේ මළ සිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ ද මේ වනතෙක් අවසන්ව නොමැති බවයි.

මේ අතර මෙම ඝාතනය මනාව සැලසුම්කරමින් සූක්ෂ්ම අන්දමින් සිදුකර ඇති බවත් පොලීසිය පැවසූ අතර අදාළ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති බවත් අධිකරණය හමුවේ පොලීසිය අවධාරණය කර සිටියා.

...................................................

May you Like