මවට පහරදී දියණිය පැහැරගෙන ගිය සැකකරුට සිදු වූ දේ.

Sri Lanka Police Kidnapping
By Wayomi May 05, 2024 04:14 AM GMT
Report

උඩුගම, ගොනදෙණිය, ඇස්ටොප්වත්ත ප්‍රදේශයේදි මවගේ අත් පා බැද විසිහත් හැවිරිදි වියේ පසුවන ඇයගේ දියණියට පහරදි ඇය බලහත්කාරයෙන් පැහැගෙන යාමේ සිද්ධියක් වාර්තා වී තිබුනා.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු සෙල්ලකතරගම, හා ගාල්ලේ දි අත්අඩංගුවට ගත් බවයි උඩුගම පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් අදාල කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ මවගේ අත්පා ගැට ගසා කුලිපදනම මත ලබාගත් වැගන්ආර් වර්ගයේ රථයකින් ඇය පැහැරගෙන ගොස් තිබුනා.

ප්‍රධාන සැකකරු සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවසක මෙකි කාන්තාව සමඟ සිටියදි අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර එම පුද්ගලයා 58 හැවිරිදි ගල්රොල් රථ රියැදුරෙකි.

එමෙන්ම මොහු සමඟ පැමිණි අනික් සැකකරුවන් තිදෙනා ගාල්ල කුරුන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

පැහැරගත් කාන්තාව එක්දරු මවක් වන අතර ඇයගේ නිත්‍යානුකුල සැමියා ඇයගෙන් වෙන්වි ඇති බව දවාර්තා වෙනවා.   

.............................................................

May you Like