සඳට ගිය යානයකට පුදුම හිතෙන වැඩක් එකපාරටම වෙලා.. (PHOTOS)
                                    
                    United States of America
                
                                                
                    NASA
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක් සඳට යානයක් පතිත කර තිබෙනවා.

ඒ 'ඔඩිසියස්' නමැති චන්ද්‍ර යානයයි.
එම යානයට අකරතැබ්බක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ එම යානය සාර්ථකව සඳට පතිත කළ ද, එය මේ වනවිට පැත්තට පෙරළී ඇති බවයි.
එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකාරී යැයි යානය අයත් ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර ඉන්ටුයිටියු මැෂීන්ස් නමැති පෞද්ගලික සමාගමේ හිමිකරු ස්ටීව් ඇල්ටෙමස් සඳහන් කළේ ය.

ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී සඳට චන්ද්‍ර ගවේෂණය යානයක් පතිත කළේ වසර 52 කට පෙර වේ.
එසේ වුව ද පෞද්ගලික සමාගමක් සඳට යානයක් යැවූ පළමු අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත්, ස්ටීව් ඇල්ටෙමස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ පැත්තට පෙරළුණ 'ඔඩිසියස්' චන්ද්‍ර යානයෙන් ඡායාරූප ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    