අතුරුදන් දැරියක් සෙවීමට පොලීසිය මහජන සහය පතයි - ඡායාරූප සහ වැඩි විස්තර මෙතනින්
පොලීසිය සදහන් කරන්නේ අවුරුදු 15ක දැරියක් අතුරුදන්ව ඇති බවයි. එනම්, තෙල්දෙණිය, අඹකොටේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරිය 2022.10.13 වන දින අතුරුදන්වී ඇති බවය.
දැරිය අදාළ දිනයේ පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් විසින් තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තෙල්දෙණිය පොලීසිය පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 13 වනදා මෙම දැරිය සිය පාසලේ මිතුරියක සමග පාසලට නොගොස් මහනුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් පැමිණ ඇති බවය.
එහිදී දුම්රියේ සිටි තරුණයෙකු විසින් මෙම දරුවන් පිළිබඳව සැක සිතී දරුවන්ගෙන් තොරතුරු විමසා තිබේ. පසුව ඒ සම්බන්ධව දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණෙන තුරු දරුවන්ව ඔහු භාරයේ තබාගන්නා ලෙස දෙමාපියන් අදාළ තරුණයාට දන්වා ඇත.
එමෙන්ම දෙමාපියන් පැමිණෙන තෙක් ඔවුන් ගෝල්ෆේස් පිටියේ රැඳි සිට ඇති අතර එසේ සිටින අතරතුරදී මෙම දැරිය ඔවුන් මඟහැර ගොස් තිබේ. කෙසේවෙතත් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අතුරුදන්වී ඇති දැරිය සමග සිටි අනෙක් දැරිය දෙමාපියන් වෙත එම තරුණයා විසින් භාරදී ඇති බවය.
පොලීසිය පවසන්නේ අතුරුදන් දැරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරු අනාවරණය වී නොමැති අතර දැරිය සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බවය.
අදාළ දැරිය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක හරහා දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙල්දෙණිය පොලිස්ථානය - 081 237 4073 තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂක - 071 859 1066 අතුරුදන් දැරියගේ
ඡායාරූපයක් පහතින් දැක්වේ.
