ජීවිතය ඌරු වකුගඩුවකින් ලද මිනිසා - තවත් විශ්මිත සැත්කමක්..

Kidney Disease United States of America Latest Headlines
By Sewvandhi Mar 22, 2024 09:36 AM GMT
Report

අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගෙන් ලබාගත් වකුගඩුවක් 62 හැවිරිදි පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කිරීමට සමත්වී තිබේ.

වෛද්‍යවරු පවසා ඇත්තේ, ජානමය වශයෙන් වෙනස්කළ ඌරෙකුගෙන් ඒ ආකාරයට වකුගඩුවක් ලබාගෙන ඇත්තේ අවයව බද්ධයෙන් අනතුරුව ඇතිවිය හැකි සංකූලතා මඟ හැරවීමට බවයි.

එම සුවිශේෂී බද්ධයට මුහුණදුන් රික් ස්ලේමන් නියම වීරයෙක් බව පවසන වෛද්‍ය කණ්ඩායම, ඔහු රෝහලෙන් පිටවීමට සූදානමින් සිටින බවද පැවසීය.

මෙහි අරමුණ වන්නේ අනාගතයේදී මිනිසුන් ගේ අවශ්‍යතා සඳහා සත්ත්ව අවයව භාවිත කිරීම බව සඳහන් ය.මීට පෙර මොළය මියගිය පුද්ගලයින් ට  ඌරු වකුගඩු බද්ධ කර ඇත්තේ අත්හදා බැලීම් සඳහා ය.

මැසචුසෙට්ස් මහ රෝහල පැවසුවේ මාර්තු 16 වනදා සිදුකළ අදාළ අවයව බද්ධය සඳහා පැය 4ක කාලයක් ගතවූ බවයි.