ලොව සිටි හුදකලා මිනිසා මියයයි..!
Sri Lanka
Brazil
By Sewvandhi
වෙනත් කිසිදු ජනවර්ගයක් සමග මුසු නොවී බ්‍රසීලයේ තනාරු ස්වදේශික ප්‍රදේශයේ ජීවත් වූ ලොව හුදකලා මිනිසා මියගොස් තිබෙනවා. ආදිවාසී ගෝත්‍රයක අවසන් සාමාජිකයා වූ ඔහු වසර විසිහයක් පමණ මෙලෙස හුදකලාව ජීවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
සතුන් දඩයම් කිරීමේ අරමුණින් පොළොව හාරා සැඟව දිවි ගෙවීම නිසා කුහරයේ මිනිසා ලෙසද ඔහුව හදුන්වනු ලැබුවා. බොලවියාවට මායිම් වූ රොන්ඩෝනියා ආශ්‍රිතව ජිවත් වූ මෙම ආදීවාසි ගෝත්‍රික කණ්ඩායමේ වැඩි පිරිසක් 1970 දී විශාල ගොවිබිම් පුලුල් කිරීමේ ව්‍යාපෘතිවලදී ඝාතනයට ලක්ව තිබුණා.
පසුව එම ගෝත්‍රය හත්දෙනෙකුට සීමා වී සිටි අතර සෙසු හයදෙනා ඝාතනය කෙරුණේ 1995 වසරේ දීයි. එතැන් සිට තනිව දිවිගෙවූ මෙම ආදිවාසි මිනිසාගේ වයස අවුරැදු හැටක් පමණ වෙතැයි අනුමාන කෙරෙන අතර ඔහුගේ මරණය ස්වභාවික හේතුවක් මත සිදුවන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |