තවත් විදේශීය ඉන්ධන සමාගමක් ලංකාව ආක්‍රමණය කරයි.

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis
By Wayomi Feb 26, 2024 07:02 AM GMT
Report

මෙරට ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් ශ්‍රී ලංකාවට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ "යුනයිටඩ් පෙට්‍රෝලියම්" සමාගම වන අතර පසුගිය 22 වනදා එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම අත්සන් කරනු ලැබුවා.

මේ අනුව දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගමට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතයි.

ඔවුන් විසින් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා "යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්" නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත.