ඉන්දියාවේ විෂ වායුවෙන් ලංකවේ වී වගාවට සිදු වූ වෙනස.
Sri Lanka
By Wayomi
පසුගියදා ඉන්දියාවේ සිට හමා ආ විෂ වායුව හේතුවෙන් මෙරට වී වගාවට බලපෑමක් එල්ල වී ඇති බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය කර තිබෙනවා.
එය ප්‍රදේශ රැසකම ගොයම් කහ වීමට ද බලපා ඇති බවයි එම පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි මහතා සඳහන් කරන්නේ.
එහිදී වැඩිදුරටත් පවසන්නේ, විශේෂයෙන්ම මෙලෙස කහ වෙලා තියෙන ගොයම් එකම ප්‍රදේශවල නොවැම්බර් 15 ආසන්නයේ වපුරපු ඒවා බවයි.
එලෙස සිදුව ඇත්තේ විෂ වායුවේ බලපෑම නිසා වන අතර එම වායුව නිසා දින ගණනාවක් ආලෝකය නොමැති වීම, උෂ්ණත්වය ඉතාමත පහළ මට්ටමට වැටීම මත ගොයම් කොළ අක්‍රීය වී ජලය උරා ගැනීමට නොහැකිව වීම ඊට හේතු වී තිබෙනවා.
ඊට අමතරව මඩ පොහොර නොමැති වීමද වක්‍ර ලෙස හේතු වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |