දැනුවත්වන්න - දිවයින පුරාම අද උදෑසන සිට සිදුවන දැවැන්ත වර්ජනය ඇරඹෙයි..!

Ministry of Health Sri Lanka Sri Lanka Anti-Govt Protest National Health Service Latest Headlines
By Sewvandhi Feb 01, 2024 02:06 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසන්නේ, සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) වැඩවර්ජනයක නිරත වන බවයි.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා අවස්ථා කිහිපයකදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසන්නේ, එහිදි සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට බලධාරීන් එකඟතාව පළ කළත් මේ දක්වාත් ඒ සඳහා විසඳුම් ලැබි නොමැති බවයි.

එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ, මේ හේතුවෙන් අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බවයි.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා කියා සිටියේ, කෙසේවෙතත් සමස්ත ලංකා හෙද සංගමය අදාළ වර්ජනය සඳහා එක් නොවන බවය.

මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වැඩවර්ජනය සාධාරණ හේතුවක් මත සිදුකරන වැඩ වර්ජනයක් නොවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසීය.

Sponsored By Sarrita Jewellery

දැනුවත්වන්න - දිවයින පුරාම අද උදෑසන සිට සිදුවන දැවැන්ත වර්ජනය ඇරඹෙයි..! | The Health Strike Begins