කුලියාපිටිය ඝාතනයට පෙම්වතියත් සහය දීලා. එළියට ආ අලුත්ම කතාව මෙන්න.

Sri Lanka Police Crime Murder
By Piyumika May 13, 2024 07:10 AM GMT
Report

පසුගිය අප්‍රේල් මස 22 දින සිය පෙම්වතිය බැලීමට ඇගේ නිවසට ගිය මොහොතේ සිට අතුරුදහන් වූ තරුණයාගේ ආන්දෝලාත්මක පුවත තවමත් විසඳී නොමැත.

එලෙස අතුරුදහන් වූ 31 හැවිරිදි සුසිත් ජයවංශ නැමැත්තාගේ මළ සිරුර පසුගිය 07 දින මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයෙන් සොයාගනු ලැබුවා.

මේ සිද්ධියට අදාලව ඊයේ(12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම , මනුෂ්‍ය ඝාතනයක් සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ ඔහුගේ පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

මෙලෙස ඇත්අඩංගුවට ගනු ලැබූයේ වයස අවුරුදු 18 ක් වන වස්සාමුල්ල ඉලූක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන අතර සැකකාර තරුණිය විසින් පොලීසිය හමුවේ ප්‍රකාශ කර සිටියේ, මෙම සුසිස් නමැත්තා තමාව අවුරුදු 15ක වයසේ පසුවන වියේ පටන් විටින් විට මරණ තර්ජන කරමින් බිය ගන්වා දූෂණය කළ බවත්, ඔහුගෙන් ඈ ගැබ් ගත් අතර ඒ පිළිබඳ ඔහුව දැනුවත් කිරීමෙන් අනතුරුව යම් ඖෂධයක් ලබා දී දරුගැබ ගබ්සා කළ බවත් ප්‍රකාශ කර සිටියා.

ඝාතනයට ලක් වූ තරුණයා තවත් තරුණියක් සමඟ ද ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ දරු ගැබක් ද මෙලෙසින් ඔහු විසින් ගබ්සාවට ලක් කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී හෙළිවී ඇත.

මෙම සුසිස් ජයවංශ නමැත්තා මීට පෙර විවාහකව සිටි බිරිඳගෙන් වෙන්වී සිටි අයෙක් වන අතර ඔහුගේ ඝාතනය සම්බන්ධව මේ වන විට සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.