ඇඳුමක් නිසා සමාජ මාධ්‍ය කැළඹු - කකුලේ ටැටූ ගහලා සම්මාන ගන්න ගිය කෙල්ල ගැන හෙළි වූ අලුත්ම දේ. - (PHOTOS)

India Gossip Today
By Wayomi Apr 23, 2024 09:12 AM GMT
Report

මේ දින වල සමාජ මාධ්‍ය තුළ සැරිසරන, අඩ නිරුවතින් සම්මාන උළෙලකට සහභාගී වූ යුවතියකගේ ඡායාරුපයක් ගැන දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, අනුව ,සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමටත් ඇතැම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් උත්සුක වන අතර ඒ සම්බන්ධයෙන් නිරවද්‍යතාව සොයා විමර්ශනයක් සිදු කර ඇත.

ඇඳුමක් නිසා සමාජ මාධ්‍ය කැළඹු - කකුලේ ටැටූ ගහලා සම්මාන ගන්න ගිය කෙල්ල ගැන හෙළි වූ අලුත්ම දේ. - (PHOTOS) | The Girl Who Took The Stage To Receive Awards

අදාල ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ “මේ වගේ ඇඳුමක් ඇඳන් ලංකාවේ සම්‍මාන උළෙලකට සහභාගී වෙන්න ආත්ම ශකිතියක් තිබුණු එක ගැන ඇත්තටම සතුටුයි.” යනුවෙන් සඳහන් කළ සටහනක් සමඟයි.

එමෙන්ම එය විවේචනයට ලක් වූයේ ලාංකික තරුණියක් ලංකාවේ පැවැත් වූ සම්මාන උළෙලකට ඇඳ ආ වස්ත්‍රයක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ, එම ඡායාරූපය මෙරට පැවැත්වූ සම්මාන උළෙලක අවස්ථාවක් නොව, ඉන්දියාවේ පැවැත්වූ “MAHA MEGA” නමැති ව්‍යාපාර උළෙලක අවස්ථාවක් බවත්, එහි දැක්වෙන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන Aayushi Jaiswal නමැති තරුණියක් බවත්ය.

Aayushi විසින් ඇය සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ ඡායාරූප, මීට දින කිහිපයකට පෙර සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර Aayushi Jaiswal විසින් මෙම සම්මානය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් සිය Instagram ගිණුමේ ද, පළ කර තිබුනා.   


Gallery