පාසල් වෑන්රිය තුළ අපයෝජනයට ලක්වූ දැරිය.

Sri Lanka Police Sri Lanka Hospitals in Sri Lanka Child Abuse
By Madheeha_Naz May 18, 2023 11:46 AM GMT
Report

පාසල් වෑන් රථය තුල කුඩා දැරියක් අපයෝජනය ලක්වී ඇති බව පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 6ක් සහ මාස 9ක් වයසැති පාසල් දැරියකි.

මෙම දැරිය අපයෝජනය කිරීමට පෙර අදාළ වෑන් රථ රියදුරා විසින් දැරියගේ මුහුණට යමක් ඉස සිහිසුන් කර ඇති බව පැවසෙන නමුත් විමර්ශන කිරීම්දී එසේ කිසිවක් තහවුරු වී නොමැති බව පොලිසිය වාර්තා කර තිබෙනවා.

එසේම අදාළ පාසල් වෑන් රථ රියැදුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වින්දිත දැරියව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW