මෙහෙම මධුසමයක් ගැන අහලා තියෙනවද.? - මදුසමයත් එපා කරපු තෑග්ග.

Wedding Gossip Today
By Sithumi Oct 19, 2023 05:59 AM GMT
Report

මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට හරි අපූරු දෙයක් වෙලා.

ඒ තමයි මුළු රෑම නිදි වර්ජිතව ඉන්න වුණ එක. නිදිවර්ජිතව ඉන්න එක නම් කමක් නෑ කියමුකෝ බලන්නකෝ වෙලා තියන සිද්දිය.

මේ යුවලවසර ගණනාවක පෙමින් වෙළුණු දෙන්නෙක්. මහනුවර ආසන්නයේ හෝටලයක උත්කර්ෂවත් ලෙස පැවැත් වූ විවාහය මංගල උත්සවයයෙන් පස්සේ මනාල යුවළ මධුසමය සඳහා ගොස් තිබුමේ සීත කඳුකර පෙදෙසක හෝටලයක් වෙතයි.

ඉතින් ඊට පස්සේ ඔවුන්ට විදේශීය මිතුරකුගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු නවීන ජංගම දුරකථනය ගැන මතක් වුණා.

මංගල දිනයේ වූ සොඳුරු මතකයන් එම දුරකථනයේ ගබඩාකර තිබු අතර ඒවා නැරඹීමට ඔවුන් අතර එකඟතාවක් ඇති වුණා. 

ඒ අනුව දුරකථනය ගෙන ක්‍රියාත්මක කළා.

එහි ආරක්ෂාව වෙනුවෙන් මුර පදය ලෙස යොදා තිබුණේ මනාලිය වූ තරුණියගේ මුහුණයි.

කිහිප විටක් දුරකථනයේ ආරක්ෂක අගුල විවෘත කිරීමට තම මුහුණ වෙත ළං කළත් එය සක්‍රීය වුණෙ නෑ.

තම උත්සාහය අත නොහැරි මනාලිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මනාලයාට සිදු වූ දේ තේරුම් ගැනීමට හැකි වූ අතර ඒ අනුව මනාලිය ලෙස හැඩගැන්වීමට රූපලාවන්‍ය ආයතනය වෙත ගොස් වෙස් ගැන් වූ ඡායාරූපයක් ඒ සඳහා යොදා ගැනීම පටලැවිල්ලට හේතුව වුණා.

තමන් දවස පුරා ලබා ගත් ඡායාරූප හා වීඩියෝ බැලීමේ ආශාවෙන් පෙළුණු මනාලිය තම රූපලාවන්‍ය දැනුම යොදා සිය ගමන් මල්ලේ සඟවා තිබූ රූපලාවන්‍ය උපකරණ ගෙන ඒවායෙන් නැවත මනාලිය වෙස් ගැන්වීමට වූ අතර මනාලයාට නිහඬව ඒ දෙස බලා සිටින්නට වූයේ මංගල දින රාත්‍රීයේ මනාලියගේ ආශාවට ඉඩ දෙමින්.

ඒ වන විටත් මධ්‍යම රාත්‍රීය ද පසු වී තිබු අතර දවස් කිහිපයක විඩාවත් දහසක් බලාපොරොත්තු තබා සිටි මනමාල මහතාට තවත් පැය කිහිපයක් බලා සිටින්නට වූ අතර අවසානයේ ජංගම දුරකථනයේ ආරක්ෂක අගුල ඉවත්කරගන්න නම් කොහොම හරි හැකිවෙලා තිබුණා.

 එසේ වූවත් මනාලිය හා එක්ව තවත් පැයක් පමණ ඡායාරූප හා වීඩියෝ නැරඹීමට ඔහුට සිදු වුණා.