ඉදිරි ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා ගැන අලුත්ම ආරංචිය මෙන්න..

United National Party Ranil Wickremesinghe Ravi Karunanayake Sri Lanka Politician President of Sri lanka
By Aruna Dec 20, 2023 03:50 AM GMT
Report

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයා රවි කරුණානායක මහතා පවසනවා.

හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

ඉදිරි ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා ගැන අලුත්ම ආරංචිය මෙන්න.. | The General Candidate Of The Presidential Election

"එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුවෙලා මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනියන්නේ.

ඒ වගේම රටේ ලේසි ගමනක් නෙමෙයි යන්නේ. අඳුරු ගමනක්. එසේ වුවත් යම් විදියේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් යනවා.

ජනතාවට සම්පූර්ණයෙන්ම සහාය ලැබිලා නැති වුණාට තිබුණ ආගාධයෙන් ගොඩ ඇවිල්ලා මේක සුරක්ෂිත කරලා ඉදිරියට කටයුතු කරන එක තමා අපිට පේන්න තියෙන්නේ.

2024 ජනතාවටත් රටට සුබදායි වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා."

ප්‍රශ්නය - ජනාධිපතිවරණයට කවුද අපේක්ෂයා විදියට කවුද ඉදිරිපත් කරන්නේ ?

"ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා.

සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි.

නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි."

මේ අතර,ජනාධිපතිවරණය ඉදිරි වසරේ පවත්වා මහ මැතිවරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇති බව විකල්ප පුවත්පතක් වාර්තා කර සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇති බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හා එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායකයන්ට සංවිධාන කටයුතු භාරදෙනු ඇති බවත් එම පුවත් පතෙහි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම වාර්තාව වැඩිදුරටත් කියා සිටින්නේ, ජනාධිපතිවරණයට පෙර සංවිධාන කටයුතු සැලසුම් කර අවසන් කරනු ඇති බවත්, ජනාධිපතිවරණයෙන් පසුව 2025 වසර මුලදී ම පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බවයි.