කොරෝනාව මාරාන්තික වීමට හේතුව සොයා ගැනේ..සියලු විස්තර මෙන්න..
කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන ඇත්තේ, එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි.
යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා. යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.
ඉන්දීය ජනගහණයෙන් සියයට 27ක් සතුව මෙම කොරෝනාව ආසාධ්‍ය බවට පත්වීමේ ජානය පවතිනවා. කෙසේ නමුත් මෙම ජානය කොරෝනාව උත්සන්න වීමේ සිව්වන හේතුව බවයි පෝලන්ත විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
කොරෝනාව උත්සන්න වීමට සහ එයින් මරණයට පත්වීමට බලපාන මුල් කරුණු තුන වන්නේ වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |