අනුර කුමාර ජනපති වූ සැනින් සිදුකරන පළමු දේ දැනුම්දෙයි..
එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත්වන අනුර දිසානායක මහතාගේ පළමු නිවේදනය වන්නේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කර සිටිනවා.
මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමින්, ඔහු මෙසේ කියා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය,
"මේ වසරේ තියන ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කරලා ඉවරයි.
මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා බයට තමා මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක දිනනවා කියලා ගොඩාක් පක්ෂවල අයට දෙගිඩියාවක් ඇති වෙලා තියනවා.
එක්තරා දුරකට ඡන්දය නොතියා ඉඳියිද කියලා සැකයකුත් අපිට තියෙනවා. හැබැයි ජනතාව බලාගෙන ඉන්නේ තියපල්ලකෝ ඡන්දයක් කියලා. රනිල්ගේ ජොබ් එක තමා විධායක බලය ක්‍රියාවට නැගීම.
මාරුවෙන් මාරුවට 75 වසරක් මේ රට කෑවා. හැදුවේ නැහැ. රජය නිල වශයෙන් පිළිඅරන් ඉවරයි ලෝකය ඉස්සරහා මේක බංකොලොත් රටක් කියලා.
මේ වසරේ ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් එළැඹෙන ජනාධිපතිවරණයේදී , ජනාධිපතිවරයා පත්වෙන්නේ මලිමාවෙන්. එළැඹෙන මාස හතේ ඉන්ටවල් නැහැ.
දිනපතා වැඩ කරන්න තියනවා හැමෝටම. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ පළමු නිවේදනය තමයි පාර්ලිමේන්තුව වහාම විසුරුවනු ලැබේ කියන එක.
මේ පුහු පාර්ලිමේන්තුවත් එක්ක ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්ද? එම නිසා මහා මැතිවරණයකට සූදානම් විය යුතු වෙනවා’