තමන්ගේ දුවගේ මළමිනිය යතුරුපැදියෙන් අරන් ගිය තාත්තා -සිද්ධවුණේ කුමක්ද ? (VIDEO)

Twitter Viral Video India Death World
By Madheeha_Naz May 18, 2023 11:46 AM GMT
Report

පියා විසින් සිය දියණියගේ නිසල දේහය යතුරු පැදියෙන් රැගෙන ගිය ඛේදනීය පුවතක් අපට පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වසන ලක්ෂ්මන් සිං නමැති මෙම පුද්ගලයාගේ 13 හැවිරිදි දියණිය වන මධුරි පසුගිය 12 වැනිදා sickle cell නම් රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා,පසුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරුව දැරියගේ දේහය නිවස වෙත රැගෙන යාම සඳහා රෝහලෙන් ගිලන්රථයක් ඉල්ලුවද රෝහල් පරිපාලනය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම දුගී පියා විසින් අදාළ දැරියගේ දේහය යතුරපැදියකින් නිවාස වෙත රැගෙන ගිය බව ඔහු පවසා තිබෙනවා.

එම දැරියගේ දේහය යතුරු පැදියෙන් රැගෙන යාම දැක්වෙන වීඩියෝවක් දැන් සමාජ මාධ්‍ය පුරා පැතිර තිබෙනවා. 

පසුව මේ පිලිබඳ ආරංචි වූ එම ප්‍රදේශයේ දිසාපතිවරයා විසින් මෙම පුද්ගලයාට රථයක් ආධාර කර මුදල් ද ලබා දුන් බව වාර්තා වුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW