මාර්ගයක දුම්රිය ධාවනය නවතියි. - දුම්රිය පාලක මැදිරියෙන් දැනුම් දීමක්. (PHOTOS)
Batticaloa
Floods In Sri Lanka
Railways
By Wayomi
අද (10) මඩකලපුව හා කොළඹ කොටුව දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇනහිටි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
ඒ, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මඩකලපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්.
මඩකලපුව සිට කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගයේ වාලච්චේන හා පූනානි අතර දුම්රිය මාර්ගය අඩි එකහමාරක් උසට මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.
ඒ, හේතුවෙන් අද (10) උදෑසන මඩකලපුවෙන් කොළඹ බලා ධාවනය වු දුම්රිය වාලච්චෙන දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබු අතර ගල්ඔය හන්දියේ සිට මඩකලපුව දක්වා ධාවනය වු දුම්රිය පුනානි දක්වා සීමා කෙරුනා.
එමෙන්ම මඩකලපුව දුම්රිය කොළඹ දක්වා ධාවනය නොවිම නිසා මඩකලපුව දුම්රිය අපේක්ෂාවෙන් කොළඹ බලා යැමට ත්‍රිකුණාමලය සිට දුම්රියෙන් ගල්ඔය හන්දියට පැමිණි මගින් වෙනත් දුම්රියක් ධාවනය වනතුරු පැය ගණනාවක් බලා සිටිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Sponsored By Sarrita Jewellery