වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන අයුරු රහසේ වීඩියෝ කළ පුද්ගලයට සිදු වූ දේ.
වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන ස්ථානයේ දර්ශන රහසින් රූගත කළ රෝහල් සුළු සේවකයෙක් අද (13) පොලිස් අත්අඩංගුවට ගැනුණා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ,මහනුවර ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ ඒකකයේ ශල්‍යාගාරයට යාබදවයි.
එලෙස ශල්‍යාගාරයට පිවිසීම සඳහා වෛද්‍යවරුන් ඇඳුම් මාරුකරන කාමරයට පැමිණ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකට සැක කටයුතු ලෙස තිබූ ජංගම දුරකථනයක් හමු වී තිබුණා.
ඇය එම දුරකථනය පරීක්ෂා කර බලන අවස්ථාවේදී එහි ඇඳුම් කාමරයේ දර්ශන වීඩියෝ වෙමින් පැවති ආකාරය දැක ඇති අතර, වඩාත් පරීක්ෂා කිරීමේ දී ඇයගේ දර්ශන මුළුමනින්ම වීඩියෝගත වී ඇති බව ඇය දැක තිබෙනවා.
අනතුරුව ඇය එම දර්ශන මකා දමා වහාම මේ සම්බන්ධව රෝහල් පරිපාලනයට පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.
පසුව රෝහල් පරිපාලනය CCTV දර්ශන පරීක්ෂා කර ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ රෝහලේ සුළු සේවකයෙක් කාමරයට ඇතුළු වී මෙම වීඩියෝගත කිරීම සඳහා ජංගම දුරකථන ස්ථානගත කර යන ආකාරයයි.
මේ සිදුවීමට සම්බන්ධ හතලිස් හැවිරිදි සේවකයා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් මාස ගණනක සිට මෙම වීඩියෝගත කිරීම සිදුකළ බවත්, එසේ ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ වීඩියෝ නැරඹීමෙන් පසු තමන් විසින් ජංගම දුරකථනයෙන් මකා දැමීමත් සිදුකරන බවත්ය.