විදුලි බිල යළිත් ඉහළ යයිද.? විදුලිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්, පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපය සඳහා ගිගාවොට් පැය 46ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවය.
එසේම පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයද සීමා කර ඇති බව පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේ එය සියයට 20ක් දක්වා අඩුකර ඇති බවය.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ හේතුවෙන් විදුලිය භාවිත කිරීමේදී හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් එය භාවිත කරන ලෙසට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    