පාර්ලිමේන්තුව ලබන ජනවාරි 28 විසුරුවා හරියි..?මාර්තුවේ මැතිවරණයක්..
එළඹෙන ජනවාරි 27 හෝ 28 යන දිනයන්ට ආසන්න දිනයක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමටත්, මහ මැතිවරණය එළඹෙන මාර්තු 16 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී පැවැත්වීමටත් ජනාධිපතිවරයා සූදානමකින් පසු වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.
එම ආරංචි මාර්ගය නිර්ණාමිකව සිටීමට කැමති වූ හෙයින්, එළඹෙන 09 වැනි දා යළි පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව දැවැන්ත පිල් මාරුවක් සිදු වන බවට බුද්ධි අංශ වාර්තා මගින් ආණ්ඩුව පාර්ශ්වයට තතු ලැබී ඇති බැවින් ජනාධිපතිවරයා ඒ සඳහා කටයුතු කරන බවයි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගයක් පවසන්නේ, මීට පෙර ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ ඔක්තෝබර් 18 වැනි දා ජනපතිවරණ පැවැත් වීමට කටයුතු යෙදීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ සඳහා කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ට සූදානම් වී ඉන්නැයි ඉහළින් උපදෙස් ලැබී තිබුණු බවයි.
මේ අතර, එළඹෙන 16 වැනි දා වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉවත් කොට, එම තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට සූදානමක් ඇති බව රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා අවධාරණය කර සිටිනවා.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවයි, යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
එමෙන්ම සමන් ඒකනායක මහතාහට මන්ත්‍රීවරුන් විරුද්ධවී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර එම සම්මුඛ සාකච්ඡාවේ දී වීරතුංග මහතා පවසා ඇත්තේ, ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණය පවත්වන්න බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කැමති කරගෙන ඇති බවයි.