ජනතාව වැඩුපුරම ජීවත් වීමට කැමති රට හෙළිවෙයි - නවතම ශ්‍රෙණිගත කිරීම් අනුව ලංකාවට හිමිවූ තැන මෙන්න..
කැනඩාව, ලෝකයේ ජනතාව වැඩිපුරම ජීවත්වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට සමත් වුණා.
2022 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තය දෙවන ස්ථානයටත් ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර ස්පාඤ්ඤයට පස් වන ස්ථානය හිමිව තිබේ.
ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 47 වන ස්ථානය හිමිව ඇති අතර චීනය 56 වන ස්ථානයේත් ඉන්දියාව 67 වන ස්ථානයේත් පසුවේ.
මේ අතර ලෝකයේ ඉහළම ගුණාත්මක ජීවන රටාවක් ඇති රටවල් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ස්වීඩනය සමත්ව තිබේ.
එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය ඩෙන්මාර්කයට ද තෙවන ස්ථානය කැනඩාවට ද සිව්වන ස්ථානය ස්විට්සර්ලන්තයට ද පස් වන ස්ථානය නෝර්වේට ද හිමිව ඇති බව වාර්තා වේ.
ඉහළම ගුණාත්මක ජීවින රටාවක් ඇති රටවල් අතර 38 වන ස්ථානය ඉන්දියාවටත් 55 වන ස්ථානය බංග්ලාදේශයටත් හිමිව ඇති අතර ශ්‍රී ලංකාවට එම ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 63 වන ස්ථානය යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |