ජනවාරි අවසානයේ සිට ජනතාවට යළිත් විශේෂ අවස්ථාවක්..

Ranil Wickremesinghe Sri Lanka Politician Economy of Sri Lanka
By Aruna Jan 02, 2024 02:42 AM GMT
Report

2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ,ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

"අපි අස්වැසුම පුළුල් කරන්න කටයුතු කළා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙන්නේ 1,410,000කට ගෙවීම් සිදුකරන්න.

ඒ ගෙවීම් අපේ ඉහළම උද්ධමනයක් තිබුණ මාසයට සාපේක්ෂව තමා සිදුකරලා තියෙන්නේ.

ඒ අනුව ඉදිරියේ දී තවදුරටත් එහි පවතින දුවර්ලතාත් මඟහැරගෙන ජනවාරි මාසයේ අග එහෙම නැත්නම් පෙබරවාරි මාසයේ මුල නැවත අස්වැසුම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා.

එතකොට එකපැත්තකින් ආර්ථිකය නැවත ප්‍රකෘති වීමක් සිදුවෙනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පීඩාවට පත්වෙන ජන කොට්ඨාසයක් ඉන්නවා.

කෙටි කාලීනව. ඒ අය රැකබලා ගැනීම සඳහා අස්වැසුම ක්‍රියාත්මක වීම සිදුවෙනවා."

මේ අතර, ආණ්ඩුව බලයට පත්වන විට නොගෙවා තිබූ සියලු හිඟ බිල්පත් ගෙවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වන දින වනවිට සියලු අනුමත ව්‍යාපෘති සඳහා වන බිල්පත් ගෙවා අවසන් කර ඇති බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.