උණ සැදුණු දරුවා දින දෙකකින් ජීවිතක්ෂයට..!

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 06, 2023 08:45 AM GMT
Report

අද(06) අලුයම උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව , එම සිසුවාගේ පියා වන එම්.එන්.ඉස්තිකාර් මහතා  පැවසීය.

  අවුරුදු දහතුනක් වන  බ්දුල් අසීස්  නම් දරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා.  ඔහු මීගමුව මීගමුව අල් - හිල්ලාල් ජාතික පාසැලේ  08 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.

සිය දරුවාගේ මරණය පිළිබදව අදහස් දැක්වූ පියා.

 "මීට දින දෙකකට පමණ පෙර ඔලුවෙ කැක්කුමක් එක්ක උණ රෝගී තත්වයක් ඇති උනා . උණ වරින් වර අඩු උනා වැඩි උනා . පස්සෙ ඊයේ(05 )  රාත්‍රී මගේ පුතා තද නින්දකට වැටුනා .   මේ අසාමාන්‍ය තත්වය නිසා රාත්‍රී 10.30 ට විතර මීගමුව මහ රෝහලට අපි පුතාව ඇතුළත් කළා .

එහිදී පුතාව දැඩි සත්කාර ඒකකයට යොමු කළා .ඒකෙ වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තා . පුතා රාත්‍රී ගත් ආහාර පවා එළියට ගත්තා . නමුත් පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබුණා .  අද(06) අලුයම 12.20 ට මගේ පුතා මිය ගියා."

මේ වනවිට මෙම සිසුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.