ඉතිහාසයේ පළමුවරට එළවලු මිලෙහි සිදු වූ වෙනස.
Sri Lanka Economic Crisis
Vegetables
Vegetables Price
By Wayomi
ඉතිහාසයේ පළමුවරට වාර්තාගත අන්දමින් එළවලු මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද (02) වනවිට කැරට් කිලෝවක තොග මිල රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇති අතර, බීට්රූට් කිලෝව රුපියල් 380කටත්, ගෝවා කිලෝව රුපියල් 500 දක්වාත්, බෝංචි කිලෝව රුපියල් 600 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ, ලීක්ස්, තක්කාලි ඇතුළු අනෙකුත් එළවලුවල මිලද තවදුරටත් ඉහළයමින් පවතින බවත්, මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවලු මිල දී ගැනීමෙන් වැළකී සිටින බවයි.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (01) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.