හිතාගන්න බැරි තරමටම මාළු මිලෙහි සිදු වූ වෙනස.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු ඊයේ (09) ඉතා අධික මිලකට අලෙවි වී තිබෙනවා.
එම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා කියා සිටියේ,මාළු මිල ඉහළ යෑමේ තත්ත්වය මෙම මාසය පුරාම පැවතිය හැකි බවයි.
ඊයේ දිනයේ කෙළවල්ලා කිලෝවක් රුපියල් 2200කට ද තලපත් කිලෝවක් රුපියල් 2500කට ද පරවා කිලෝවක් රුපියල් 1800කට ද දැල්ලෝ කිලෝවක් රුපියල් 2000කට ද සාලයා කිලෝවක් රුපියල් 450කට ද ලින්නා කිලෝවක් රුපියල් 1200කට ද බලයා කිලෝවක් රුපියල් 1400කට ද අමුහාල්මැස්සන් කිලෝවක් රුපියල් 800කට ද ඉස්සෝ කිලෝවක් රුපියල් 1300කට ද අලෙවි කර තිබුණා.
මීට හේතු වී ඇත්තේ, දිවයිනේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයන් මුහුදු යෑමෙන් වැළකීම සහ එම තත්ත්වය නිසා ලැබෙන මත්ස්‍යයන් ප්‍රමාණය අඩුවීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |