උඩු දුවපු කුල ප්‍රශ්නය අවසානයේ ජනපති ළඟටම ආ හැටි.

Jaffna Ranil Wickremesinghe Sri Lankan Schools
By Wayomi Jan 07, 2024 10:51 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු පළාතේ සිව් දින සංචාරයේ අතරතුර යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථන් අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජයේ පවතින ගැටළු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

උඩු දුවපු කුල ප්‍රශ්නය අවසානයේ ජනපති ළඟටම ආ හැටි. | The Caste Problem Jaffna

ඒ, අනුව එම ගැටළු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පවසා ඇති අතර උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටළුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථන් පෙන්වා දී තිබෙනවා

එමෙන්ම උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටළු මතුව ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 


                                                    Sponsored By Sarrita Jewellery 

උඩු දුවපු කුල ප්‍රශ්නය අවසානයේ ජනපති ළඟටම ආ හැටි. | The Caste Problem Jaffna