නිල්වලා ගඟේ දී අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී - සංවේදී පුවතක්..

Sri Lanka
By krishani Aug 27, 2022 05:57 AM GMT
Report

මාතර - පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් සොයාගෙන ඇති අතර අතුරුදන්වූ තරුණයන් සෙවීමේ කටයුතු නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක මැදිහත්වීමෙන් අද (27) ආරම්භ විය.

ඊයේ පස්වරුවේ 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිල්වලා ගඟේ උඩහඇල්ල නම් ස්ථානයෙන් දිය නෑමට ගොස් තිබුණු අතර එහිදී මෙම පිරිසෙන් පස්දෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙකු එම අවස්ථාවේ දී බේරාගනු ලැබිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join