විශාල මුදලක් වැයකර නඩත්තු කළ මෙරට විශාලතම මත්ස්‍යයා මිය යයි. - (VIDEO)

Sri Lanka Fisherman Death Fish
By Wayomi May 16, 2024 09:33 AM GMT
Report

මත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ විශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන,හැරෆයිමා මාළුවා ඊයේ (15) මියගොස් තිබෙනවා..

මෙම මත්ස්‍යයාව නඩත්තු කිරීමට පමණක් මසකට විශාල මුදලක් වැයකර ඇති බවත් සඳහන්.

අඩි අටක් දිග වන අතර වට ප්‍රමාණය අඩි තුනක් වන මෙම මාළුවාට වයස අවුරුදු 13ක් බවයි මාළුවාගේ හිමිකරු පවසා ඇත්තේ.

මෙම වසරේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ තීරණය.

මෙම වසරේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ තීරණය.


මෙම මාළු විශේෂයේ ආහාරය වනුයේද කුඩා මාළුන් වන අතර පැල්මඩුල්ල රිල්හේනේ සුරංග විජයරත්න මහතාගේ පුද්ගලික මින් මැදුරේ මෙම මාළුවා ඇති කර තිබෙනවා.

උගේ ආහාර සඳහා කුඩා මුහුදු මත්ස්‍යයන් දිනපතා කිලෝ ගණනින් මිලදී ගෙන ලබාදී ඇති බව ද වාර්තා වෙනවා.

හැරෆයිමා නම් මෙම මාළුවා ඊයේ අලුයම කාලයේ මියගොස් ඇත්තේ ඌට වෙනම ඉදිකරන තිබූ දැවැන්ත ටැංකියේ ජලය පිටවෙන ස්ථානයෙන් හදිසියේ ජලය පිටවීමෙන් පසුව බව නිවැසියන් පවසනවා .

සුරංග විජේරත්න මහතා විසින් විනෝදාංශයක් ලෙස සුරතල් මාළුන්ද විශේෂිත මාළුන්ද ඇති කරන අතර එම කටයුතු නඩත්තුව සඳහා මාසිකව විශාල මුදලක්ද වැය කරයි.