මවගේ ඇකයෙන් ගිලිහී පාරට වැටුණු මසක් වයසැති බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය - සෑහෙන දුරක් ගිහින් දරුවා නෑ කියලා දැනගෙන තියෙන්නේ..

Hospitals in Sri Lanka Accident Latest Headlines
By krishani Mar 02, 2024 10:05 AM GMT
Report

ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටිය දී මවකගේ ඇකයෙන් ගිළිහී ගොස් මහ මඟට වැටුණු මසක් වයසැති බිළිඳකු සම්බන්ධයෙන් පුවතක් කිතුල්ගල ප්‍රදේශයේ දී වාර්තා විය.

මවගේ ඇකයෙන් ගිලිහී පාරට වැටුණු මසක් වයසැති බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය - සෑහෙන දුරක් ගිහින් දරුවා නෑ කියලා දැනගෙන තියෙන්නේ.. | The Baby Who Fell On The Road In Kitulgala

එම බිළිඳා සුවෙන් පසුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ ය.

බිළිඳා එම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රෝහල් පොලිසිය කියා සිටියේ එම අනතුර වළක්වා නොගැනීම හේතුවෙන් බිළිඳාගේ මවට නඩු පැවරීමට කටයුතු කරන බවයි.

පසුගිය 28 වනදා මෙම බිළිදාගේ පවුලේ සාමාජිකයන් මීගමුව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථ දෙකකින් කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක ගොස් ආපසු එමින් සිට ඇත.

එහිදී කිතුල්ගල - ගුරුමැටිය ප්‍රදේශයේදී මවගේ ඇකයේ සිටි මසක් වයසැති කුගනේෂ්වන් නවීෂන් නමැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබෙනවා.

එහෙත් ඒ පිළිබඳව තද නින්දේ පසු වූ බිළිඳාගේ මවට දැනී නොමැත.

එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයට පිටුපසින් මෝටර් රථයක් පැමිණ තිබූ අතර එහි රියදුරා මාර්ගයේ වැටී තිබූ රෙදි කැබැල්ලක් දැක රථය මැදිකොට ධාවනය කර තිබෙනවා.

පසුව ඔහු නැවත පැමිණ එම ස්ථානය පරික්ෂා කර ඇති අතර ඔහුට දැක ගැනීමට හැකි වී ඇත්තේ කුඩා බිලිදෙකු මාර්ගයේ වැටී සිටින ආකාරයයි.

පසුව රියදුරා කිතුල්ගල පොලිසියේ ජංගම මුරසේවයේ නිරත නිලධාරීන්ට බිළිඳා භාර දී ඇති අතර තම ඇකයේ බිළිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ ඔවුන් බිළිඳා වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 3ක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ මවගෙන් ද රෝහල් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කෙසේ වෙතත්, අනතුරක් වළක්වා නොගැනීම මත ඇයට නඩු පැවරීමට කටයුතු කරන බව රෝහල් පොලිසිය සඳහන් කළේ ය.